මීට සුළු මොහොතකට පෙර අම්පාර නගරයේ පිහිටි එල්.බී ෆිනෑන්ස් ශාඛාව තුලදී සිරුරට පෙට්ට්‍රල් හළාගනිමින් පුද්ගලයෙක් ගිනි තබාගෙන තිබේ.එයින් ආයතනයට ද දැඩි හානි සිදුව ඇති අතර පිළිස්සුනු පුද්ගලයාගේ තත්වය බරපතල බව අම්පාර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
තමාට අයත් ත්‍රීරෝද රථයක ලීසිං වාරිකය ගෙවාගැනීමට නොහැකිවී එය සීසර්වරුන් විසින් රැගෙන යාම නිසා කළකිරීමට පත් පුද්ගලයා ආයතන කළමණාකරුවා හමුවී ඒ සම්බන්ධව කරුණු දැක්වූවත් කළමණාකාරවරයා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මොහු ගිනි තබාගෙන තිබේ.
එල්.බී ෆිනෑන්ස් ආයතනය මෙරට අංක එකේ ධනපතියා වන ධම්මික පෙරේරා නොහොත් කැසිනෝ ධම්මිකට 100%ක් අයිති සමාගමකි.අනෙක් ලීසිං කොම්පැණිවලට සාපේක්ශව ඉහළ පොලී වාරිකයක් මෙම ආයතනය අය කරනු ලබන අතර ලංකාවේ පාරිභෝගික අලෙවියෙන් පසු සේවය ගැන ලොකු පම්පෝරි ගසන ඩේවිඩ් පීරිස් සමාගම ඇති කරගෙන ඇති ගිවිසුමක් මගින් අසරණ අහිංසක මිනිස්සුන්ගේ ලේ,ඇට නහර උරා බොයි.
ජායාරූප අද පුවත්පතෙනි.

.jpg)
.jpg)
.jpg)
.jpg)