හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා වෙනත් පක්ශයකින් ඉදිරි මහමැතිවරණය ට තරග කරන්නට යන බවට වාර්තා පළවීමත් විමල් වීරවංශ,උදය ගම්මන්පිළ හා වාසුදේව නානායක්කාර වැනි වමේ පක්ශ කීපයක් ප්‍රසිද්ධියේ එය ප්‍රකාශ කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිතුමිය දැඩි කලබලයටත් භීතියටත් පත්ව ඇති බව වාර්තා වේ.
රාජපක්ශලාට සින්නවෙමින් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ශය යළිත් තම පවුල වෙත නතු කරගත්තා යැයි සැනසුම් සුසුම් හෙලමින් සිටි චන්ද්‍රිකාගේ ඊළග පිම්ම වී තිබුනේ ඉදිරි මහ මැතිවරණයට තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් කර අනාගතය ගැන සුන්දර බලාපොරොත්තුවක් තබා ගැනීමය.
යම් හෙයකින් මහින්ද රාජපක්ශ මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් සැළකිය හැකි ආසන සංඛ්‍යාවක් ඔහුට දිනා ගත හැකිවන අතර බොහෝ විට එය චන්ද්‍රිකාගේ හා මෛත්‍රීගේ සන්ධානය ඉකමවා යනු ඇත.එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහ ගොඩේ ගොඩය.


No comments:
Post a Comment